All Nippon Airways හි ගුවන් යානා 2ක් ගුවන්ගත කිරීම හදිසියේ අත්හිටුවයි


ගුවන් තොටුපළ නිලධාරීන්ට අනුව පිපිරීමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබී ඇත.

.

ඊයේ(30) උදෑසන Naha ගුවන් තොටුපළේදී All Nippon Airways හි ගුවන් යානා දෙකක් පිටත් වීමට මොහොතකට පෙර ගුවන්ගත කිරීම තාවකාලිකව අවලංගු කරන ලදී.

ගුවන් තොටුපළ නිලධාරීන්ට අනුව පිපිරීමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබී ඇති අතර සෝදිසි කිරීමකින් අනතුරුව පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව ගුවන් යානා දෙක පිටත් වී ඇත.

මෙසේ ප්‍රමාද වී තිබුණේ පෙරවරු 11:25 ට පිටත් වීමට නියමිතව තිබූ හනේඩා වෙත යන 462 ගුවන් යානය සහ ෆුකුඕකා බලා පිටත් වූ 1204 ගුවන් යානයයි.  

 

121 Views

Comments