ලෝක ශූර ස්කී ක්‍රීඩක Kyle Smaine ජීවිතක්ෂයට


ඔහු 31 හැවිරිදි ඇමරිකානු ජාතිකයෙකි.

.

ලෝක ශූර හාෆ්පයිප් ස්කී ක්‍රීඩක Kyle Smaine මධ්‍යම ජපාන කඳුකරයේ හිම කුණාටුවකට ගොදුරු වීමෙන් මිය ගියේය.

31 හැවිරිදි මෙම ඇමරිකානුවාගේ මරණය පිළිබඳව එක්සත් ජනපද ස්කි කණ්ඩායම සමාජ මාධ්‍යවල සිය සංවේගය පළ කළේය.  

කැලිෆෝනියාවේ Tahoeහි ජීවත් වූ Smaine මෑතකදී පළ කළේ හිම බැලීමට තමා Nagano ප්‍රාන්තය බලා යන බවයි.

Smaine සංචාරය කරන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි හිම පතනයක් පැවති අතර බලධාරීන් හිම කුණාටු අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබුණු බව වාර්තා වේ.

77 Views

Comments