මහාචාර්යවරයාට පිහි ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා සියදිවි නසා ගනී


ඔහුගේ නිවසේ වැසිකිලියේ තිබී පොරවක් සොයාගෙන ඇත.

.

පසුගිය වසරේ නොවැම්බරයේදී තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ 63 හැවිරිදි මහාචාර්ය ෂින්ජි මියදායිට පිහි ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා තම නිවස අසලදී සියදිවි නසාගෙන තිබේ.

ඔහුගේ නිවසේ වැසිකිලියේ තිබී පොරවක් සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයා සහ මියදායි මහතා අතර කිසිදු සම්බන්ධයක් තවමත් තහවුරු වී නොමැත.

සැකකරු මිය ගොස් සිටින නමුත් මිනීමැරීමට තැත් කළ බවට සැක කෙරෙන ලිපි ලේඛන අභිචෝදකයා වෙත යැවීමට මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.

103 Views

Comments