නිවස බලා යමින් සිටි දෙදෙනෙකුට පිහි ප්‍රහාර


සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

.

අද(01) සවස 6.30 ට පමණ සයිටමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ සූහිරෝ නගරයේ වීදියකදී නිවස බලා යමින් සිටි 61 හැවිරිදි කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එය JR Kawaguchi දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.5ක් පමණ නැගෙනහිරින් පිහිටි නේවාසික ප්‍රදේශයකි.  

සැකකරු මීටර් 1.75ක් පමණ උසැති කළු පැහැති ජම්පරයක් සහ කළු කලිසමකින් සැරසී සිට ඇත.

එසේම එදිනම රාත්‍රී 8.00 ට පමණ JR Hodogaya ස්ටේෂන් අසල පදික වේදිකාවේ නිවස බලා යමින් සිටි 28 හැවිරිදි තරුණයෙකුද මෙලෙසම පිහි ප්‍රහාරයකට ලක්ව ඇත.

පොලිසිය මෙම සිද්ධීන් දෙක පිලිබඳවම විමර්ශන ආරම්භ කර ඇත.

82 Views

Comments