ධීවරයන් 4ක් පොලිස් දැලේ


මොවුන් ප්‍රාන්ත කාර්යාලය දැනුවත් නොකර ටූනා මාලුන් අලෙවි කර ඇත.

.

ධීවර පනත උල්ලංඝනය කළ බවට සැකපිට ධීවරයින් හතර දෙනෙකු ඊයේ(09) Aomori ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

2021 ජූලි සිට සැප්තැම්බර් දක්වා අදාල පුද්ගලයන් හතර දෙනා ඕමා නගරයේ ධීවර සමාගමක සභාපති සහ තවත් පුද්ගලයෙකු  සමඟ එක්ව අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ බ්ලූෆින් ටූනා මාලුන් ටොන් 18 ක් ලබාගෙන තිබේ.

සැකකරුවන් සිව්දෙනාට අමතරව ඔවුන් දෙදෙනාට ටූනා මාළු අලෙවි කළ ධීවරයින් 20 දෙනෙකු පිලිබඳවද ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශනය කරන අතර එම ලේඛන නඩු පවරන්නන් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

120 Views

Comments