Mieko Kawakamiගේ "All Midnight Lovers" සම්මානයක් සඳහා නිර්දේශ වේ


මෙලෙස ජපන් ලේඛකයකු තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි.

.

ප්‍රවීණ කර්තෘ Mieko Kawakamiගේ ඉංග්‍රීසි පරිවර්තනයක් වන "All Midnight Lovers" ලොව කීර්තිමත් සාහිත්‍ය සම්මානවලින් එකක් වන ජාතික පොත් විචාරක කව සම්මානයේ නවකතා කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත.  

ඒ අනුව මෙහි ජයග්‍රාහකයින් මාර්තු 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

මෙම සම්මානය ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන සහ චරිතාපදාන ආදී විශිෂ්ට කෘති සඳහා පිරිනමනු ලබන අතර මීට පෙර Toni Morrison සහ John Updike විසින් දිනා ගෙන ඇත. 

නවකතා අංශයේ අවසන් වටයට ජපන් ලේඛකයකු තේරී පත්වූ පළමු අවස්ථාවද මෙයයි.

 

135 Views

Comments