දරුවන්ට අඩන්තේට්ටම් කල ගුරුවරියන්ට වැඩ වරදී


සෙටගයා Wardහි පෞද්ගලික බලපත්‍රලාභී ළදරු පාසලක අදාල සිද්ධිය සිදුව ඇත.

.

තෝකියෝ හි සෙටගායා Wardහි පෞද්ගලික බලපත්‍රලාභී ළදරු පාසලක ගුරුවරියන් දෙදෙනෙකු පසුගිය වසරේ දිගින් දිගටම දරුවන් අපයෝජනයට ලක් කර ඇති බව ඊයේ(02) අනාවරණය විය.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 3 සිට 5 දක්වා ළමුන් සඳහා පෙරපාසල් පන්ති භාරව සිට ඇති අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ළමයින් කිහිපදෙනෙකුගේ ඇඟිලි සහ දෑත් ඇද ඔවුන්ට පහරදී ඇත.

මේ පිළිබඳව දරුවන්ගේ දෙමව්පියන් දැනගෙන පසුව අදාල අංශ දැනුවත් කර තිබේ.

 

107 Views

Comments