Kiyoyuki Okuyamaගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා


Kiyoyuki Okuyama යනු ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණකරුවෙකි.

.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණකරුවෙකු වන Kiyoyuki Okuyama යමගාටා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ ඔහු විසින්ම නිර්මාණය කරන ලද ෆෙරාරි රථයක් පැයට කිලෝමීටර 128 ක වේගයෙන් ධාවනය කිරීම හේතුවෙනුයි.

ඒ අනුව යමගාටා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් මාර්ග රථවාහන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කරන ලදී.

එහි පළමු නඩු විභාගය ඊයේ(03) යමගටා දිසා අධිකරණයේදී පැවැත්වුණු අතර.විත්තිකරු Okuyama එම චෝදනා පිළිගත්තේය. ඒ අනුව පැමිණිල්ල විසින් මාස හතරක සිර දඬුවමක් ඉල්ලා සිටි අතර විත්තිකරු ලිහිල් දඬුවමක් ඉල්ලා සිටි අතර නඩුවේ  තීන්දුව ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

119 Views

Comments