Osaka උද්‍යානයෙන් සොයාගත් මළ සිරුරේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ


වාහන නැවැත්වීමේ අංගනයක තිබී බිළිඳු මළ සිරුරේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වේ

.

ජුනි 14 වන අඟහරුවාදා දින Chuo Ward හි Nihonbashi වාහන නැවැත්වීමේ ස්ථානයේ මෝටර් රථ ගාලක තිබී සොයාගත්  අලුත උපන් බිළිඳාගේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එය බිලිඳියකගේ මළ සිරුරක් බවත් ඇය අප්‍රේල් අග සිට මිය ගොස් ඇති බවත් Osaka පොලිසිය නිවේදනය කළේය .

 

නිරුවතින් සිටි බිළිඳාගේ පෙකණි වැල තිබූ ස්ථානයේ බාහිර තුවාල සලකුණු කිසිවක් දක්නට නොතිබු අතර මෘත දේහය සොයා ගන්නා විටත් දිරාපත් වීම ආරම්භ වී තිබූ බව සදහන් වේ. 

 

වාහන නැවැත්වීමේ ස්ථානයේ මළ සිරුර දමා යන්නට ඇත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා වීදි නිරීක්ෂණ කැමරා දර්ශන තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින බව පොලිසිය පැවසීය.

179 Views

Comments