ආපනශාලාවක් තුළ බිරියට පහරදුන් සැමියා අත්අඩංගුවට


Sapporo ප්‍රදේශයේ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

.

ආපනශාලාවකදී බිරිඳගේ මුහුණට පහර දීම සම්බන්ධයෙන් සැකපිට 53 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු Sapporo ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ පස්වරු 3.30ට පමණය.  

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ දිවා ආහාරය ගැනීම සඳහා අවන්හලට පැමිණ ඇති අතර සිද්ධියට පෙර අධික ලෙස මත්පැන් පානය කල බව ආපනශාලා කාර්ය මණ්ඩලය පොලිසියට ප්‍රකාශ කළේය.  

තම බිරිඳට පහර දුන්නේද නැද්ද යන්න තමන්ට මතක නැති බව එම පුද්ගලයා පැවසූ බව පොලිසිය සඳහන් කළේය.

88 Views

Comments