තරුණියන්ට ලිංගික අතවර කල පුද්ගලයෙකුට වසර 22ක සිර දඬුවමක්


ඊයේ(03) Otsu දිසා අධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කළේය.

.

නව යොවුන් වියේ තරුණියන්ට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටි Masataka Kimuraට ඊයේ(03) Otsu දිසා අධිකරණය විසින් වසර 22 ක සිරදඬුවමක් නියම කළේය.

ඔහු 2015 සිට 2020 දක්වා ඒ වන විට වයස අවුරුදු 13 ත් 18 ත් අතර කාන්තාවන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇති අතර ඒවා රූගත කර ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය විය.

ඔහුට එරෙහිව කාන්තාවන් 10 දෙනෙකු අධිචෝදනා ගොනු කෙරුණු නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලබා දුන් එක් අතුරු නඩු තීන්දුවකින් ඔහු නිදහස් විය.

70 Views

Comments