පිහි ප්‍රහාර මාලාවකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට


ඔහු 62 හැවිරිදි කාර්යාල සේවකයෙකි.

.

Kanagawa ප්‍රාන්ත පොලිසිය විසින් යොකොහාමා නගරයේ හොඩෝගායා Wardහි 62 හැවිරිදි කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නිවසට යමින් සිටි පුද්ගලයකුට 01 වැනිදා රාත්‍රියේ පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙනුයි.

ජේ.ආර්.හොඩෝගයා ස්ටේෂන් අසල වීදියේදී 28 හැවිරිදි  පුද්ගලයකුගේ වම් පාදයට මෙම පුද්ගලයා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇත.

කෙසේනමුත් අදාල සැකකරු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර එදිනම 61 හැවිරිදි කාන්තාවකට සහ 45 හැවිරිදි පුද්ගලයකුට ද මෙවැනිම පිහි ප්‍රහාරයක් එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

123 Views

Comments