රිය අනතුරක් සිදුකල නයිජීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට


ඔහු මත්පැන් පානය කර රිය ධාවනය කර ඇති බවටද අනාවරණය වී ඇත.

.

පසුගිය 02 වැනිදා අලුයම 5.30 ට පමණ ඕසකා නගරයේ හිගෂිසුමියෝෂි Wardහි වායු සමීකරණ නිෂ්පාදකයෙකු වන Isao Kaneko විසින් පදවන ලද මෝටර් රථය මාර්ගයේ වැරදි දෙසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටී ඇත.  

Kaneko මෙම අනතුරින් මියගිය අතර ඔහුගේ 20 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇත.

අනතුරට ලක්වූ අනෙක් මෝටර් රථය නයිජීරියානු ජාතිකයෙකු වන 25 හැවිරිදි පුද්ගලයෙකු විසින් පදවා ඇති අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා බලපත්‍ර නොමැති අයෙකු වන අතර ඔහු මත්පැන් පානය කර රිය ධාවනය කර ඇති බවටද අනාවරණය වී ඇත. 

 

76 Views

Comments