වියට්නාම කතක් ඝාතනය කල අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්


ඕසකා දිස්ත්‍රික් අධිකරණය අදාල නියෝගය සිදුකර ඇත.

.

පසුගිය වසරේ 31 හැවිරිදි වියට්නාම ජාතික කාන්තාවක් සිය මහල් නිවාසය තුළදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 60 හැවිරිදි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.

ඕසකා දිස්ත්‍රික් අධිකරණයේ පැවති ඊට අදාල නඩු විභාගයේදී  Quyen Thi Le Vo නම් වියට්නාම කාන්තාවගේ ගෙල සිරකර ඇයගෙන් යෙන් 26,000ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් Toshiya Yamaguchi වැරදිකරු විය.

Vo 2016 සිට ජපානයේ සිටි අතර අර්ධකාලීන රැකියාවට අමතරව ජපන් භාෂාව ඉගෙන ගනිමින් සිටියේය.  ඇය විවාහ වී සිටියේද වියට්නාම ජාතිකයෙකු සමඟයි.

75 Views

Comments