රෝගීන්ගේ දත්ත ඇතුළත් USB අයිතමයක් අස්ථානගත වේ


Iwate රෝහල පසුගිය 2 වනදා මේ බව නිවේදනය කළේය.

.

Iwate රෝහල පසුගිය 2 වනදා නිවේදනය කළේ රෝගීන් 1,894 දෙනෙකුගේ පුද්ගලික තොරතුරු අඩංගු USB අයිතමයක් නැතිවූ බවයි.

නිවේදනයට අනුව එහි 2021 දෙසැම්බර් සිට 2022 සැප්තැම්බර් අවසානය දක්වා ඖෂධ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් 1,894 දෙනෙකුගේ නම්, වයස, වෛද්‍ය දෙපාර්තමේන්තු සහ වෛද්‍යවරුන්ගේ නම් වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් විය. 

කෙසේවෙතත් අදාල USB අයිතමය අගුලු දමා ඇති අතර තොරතුරු කාන්දු වීම වැනි කිසිදු හානියක් මෙතෙක් තහවුරු කර නොමැත.

මේ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ ඔගසවාරා සහ ඖෂධ අධ්‍යක්ෂ කෙන්සෝ කුඩෝ මාධ්‍ය හමුවකදී සමාව අයැද සිටියේය.

 

108 Views

Comments