ජපන් රජයෙන් නව නීති සංශෝධනයක්


දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වේ.

.

රජයේ මණ්ඩලයක් සිකුරාදා යෝජනා කළේ ලිංගික කටයුතු සඳහා පනවා ඇති වයස් සීමාව වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කළ යුතු බවයි.

ඒ අනුව අනුකමිටුවක් විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ දළ සටහනට මෙම යෝජනා ඇතුළත් විය.

ව්‍යවස්ථාදායක සභාව පෙබරවාරි මැද භාගයේදී දළ සටහන අනුමත කර අධිකරණ අමාත්‍ය කෙන් සයිටෝ වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.  

ජූනි 21 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරයේදී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වේ.

වත්මන් නීතියට අනුව වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයෙකු සමඟ කැමැත්ත නොසලකා ලිංගික සංසර්ගයේ යෙදීම නීති විරෝධී වන අතර ඒ සඳහා වරදකරු වුවහොත් අවුරුදු පහක් හෝ ඊට වැඩි කාලයක් සිර දඬුවම් ලැබෙනු ඇත.

 

85 Views

Comments