යකඩ තහඩු ටොන් 3කට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට


මෙලෙස මියගොස් ඇත්තේ රින්කයිචෝ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවකයෙකි.

.

ඊයේ(06) පෙරවරු 11.50 ට පමණ ඕසකා ප්‍රාන්තයේ කිෂිවාඩා නගරයේ රින්කයිචෝ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවකයන් කිහිප දෙනෙක් මතට යකඩ තහඩු ටොන් 3ක් පමණ වැටී තිබේ.

පොලිසිය සහ නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව මිනිසුන් හත් දෙනෙකු ලෝහ තහඩු යට තැලී තුවාල ලබා ඇති අතර පස් දෙනෙකු ගිලන් රථයකින් රෝහලට ගෙන යන ලදී.

ඉන් එක් අයෙකු මිය ගිය අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.

කිෂිවාඩා ප්‍රාන්ත පොලිස් ස්ථානය සහ නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

85 Views

Comments