යුක්රේනයෙන් ජපාන තානාපති නිලධාරීන් ඉවතට...


වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්රේනයේ ජපාන තානාපති කාර්යාල නිලධාරීන් ඉන් ඉවත් කිරීමට...

.

වහාම ක්‍රියාත්මක වන පරිදි යුක්රේනයේ ජපාන තානාපති කාර්යාල නිලධාරීන් ඉන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙන බව සැලවේ.

රුසියානු ආක්‍රමණ යුක්රේන අගනුවර වන Kyiv වෙත ලගා වීමත් සමග ජපාන තානාපති කාර්යාලය බටහිර යුක්රේනයේ Lviv වෙත රැගෙන ගිය අතර, මේ තාක් සියලුම රාජකාරි කටයුතු ක්‍රියාත්මක කෙරුණේ එහි සිටයි. නමුත් රුසියානු ආක්‍රමණ වල වෙනසක් සිදු නොවන නොවන පසුබිමක් තුල තනාපති සේවය තුල නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බැවින් මෙම පියවර ගත් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

Comments