ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මාධ්‍ය අමතමින් පවසා සිටියේ, කොවිඩ් පැතිර යෑම නවතාලීම සඳහා ජපානය විසින් පසුගිය නොවැම්බර් මසදී යොදන ලද අන්තර්ජාතික සංචාරක තහනම සැහැල්ලු කිරීම සම්බන්ධයෙන් ජපාන රජය විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි.
ලොවපුරා රටවල් සංචාරක තහනම් ඉවත් කරමින් යන මොහොතක, ජපානය විසින් තවමත් එම තහනම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී විදෙස් ශිෂ්‍යයන් සහ අන්තර්ජාතික ව්‍යාපාරිකයින්ගෙන් ජපානයට විශාල චෝදනා එල්ල විය. මෙකී සියලු විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ජපාන රජය මෙසේ මෙම තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉතා ඉක්මන් පියවරක් ගනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.