පසුගිය සිකුරාදා වන විට covid නයින්ටීන් වයිරස් නිසා ටෝකියෝවෙන් වාර්තා වුන මරණ 20,000 සීමාව පසු කර තිබේ. මේ ජපානයේ පැතිර යන 6 වන කොවිඩ් රැල්ල වන අතර එය ඉතා සීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත 12 පුරා ආසාදිතයන් වාර්තා වීම ඉතා ඉහළ වූ අතර ජපානය පුරා සියලු කටයුතු මේ හේතුවෙන් අඩපණ විණි.
සෞඛ්‍ය අංශ පවසන පරිදි මෙම වාර්තා වූ මරණ වලින් 80% කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 72 ඉක්මවූවන් වන අතර 27 දෙනෙකු අවුරුදු 20 සීමාවේ පසුවන අයවලුන්ට සහ හතර දෙනෙකු වයස අවුරුදු 10ත් 19ත් අතර දරුවන් වේ .
මෙලෙස omicron වෛරසය පැතිර ජපානය තුළ ආසාධිතයන් ඉහළ යාම ආරම්භ වූ දා සිට දෛනිකව මරණ සියයක් හෝ ඊට වඩා වැඩි ගණනක් වාර්තා වී ඇති බව ද ඔවුන් තහවුරු කර ඇත.