තර්ජනාත්මක ලිපියක් යැවූ කතක් අත්අඩංගුවට


ඇය Mitaka නගරයේ විදුලි බල සමාගමක කොන්ත්‍රාත් සේවක කාන්තාවකි.

.

පෙරේදා(09) Kyoto ප්‍රාන්ත පොලිසිය විසින් Nintendo හි විධායක නිලධාරියෙකුට තර්ජනාත්මක ලියවිල්ලක් යැවීම සම්බන්ධයෙන් සැකපිට තෝකියෝ හි Mitaka නගරයේ විදුලි බල සමාගමක කොන්ත්‍රාත් සේවක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකාර කාන්තාව අදාල පුද්ගලයාට "මම ඔබව මරා දමමි" යනුවෙන් ලිපියක් යවමින් තර්ජනය කළ බව කියනු ලැබේ.  

සමාගම හෝ එහි විධායකයින් සම්බන්ධයෙන් තමාට සෘජු අමනාපයක් නොමැති බව කාන්තාව ප්‍රකාශ කර ඇති අතර ඇයගේ චේතනාව පිළිබඳව ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

110 Views

Comments