වෛද්‍යවරයෙකුගේ අත්වැරදීමකින් රෝගියෙකු අවසන් ගමන් යයි


70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

.

ඊයේ(10) දින පරිපූරක වෛද්‍යවරයකුගේ සහ ගිලන්රථ නිලධාරියෙකුගේ අත්වැරදීමකින් 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා අදාල රෝගියාව ගිලන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහුගේ අන්නස්‍රෝතය තුළට වැරදීමකින් බටයක් ඇතුළත් කර ඇත.

මියගිය පුද්ගලයා නාන තටාකයේ වැටී සිහිසුන් වූ පසු  විට ගිලන් රථ කාර්ය මණ්ඩලය වහා පැමිණ ඇත.  

පසුව මොහුගේ හෘද ස්පන්දනය අඩාල බැවින් ගිලන් රථ නිලධාරියා ජංගම දුරකථනයෙන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඔක්සිජන් යැවීමේ බටයක් පුද්ගලයාගේ මුඛයට ඇතුළු කළ නමුත් එය ශ්වාසනාලය වෙනුවට අන්නස්‍රෝතය තුළට ඇතුල් වී තිබේ.

පසුව පැය 4කට පමණ පසු රෝගියා මියගොස් ඇත.

කෙසේනමුත් නගරය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කවුන්සිලය අනතුරට හේතුව පරීක්ෂා කර නැවත සිදුවීම වැළැක්වීමට පියවර සලකා බලමින් සිටී.

99 Views

Comments