වෙළඳසැල් හිමිකරුවෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට


ඔහු  Ryuji Sakuta නම් 25 හැවිරිදි පුද්ගලයෙකි.

.

කනසාවා නගරයේ නිෂිජුමි හි පදිංචි Ryuji Sakuta නම් 25 හැවිරිදි පුද්ගලයෙකු කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පසුගිය ජනවාරි 12 වන දින රාත්‍රියේ ඕමිෂිරාසාටෝ නගරයේ ප්‍රතිචක්‍රීකරණ වෙළඳසැලකට කඩා වැදී එහි සිටි 76 හැවිරිදි වෙළඳසැල්හිමියාගේ මුහුණට පහර දී “සේප්පුව කොහෙද?” යැයි අසා ඔහුට තර්ජනය කර ඇත.

මෙම කොල්ලයට සම්බන්ධ නිශ්චිත ලිපිනයක් නොමැති ස්වයං-ආරක්ෂක බලකායේ කයිචි නාකගිරි නම් 23 හැවිරිදි පුද්ගලයෙකුටද චෝදනා එල්ල විය.  

ඒ අනුව තෝකියෝ ප්‍රාන්තයේ කෝමේ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළ තොරතුරු නාකගිරිගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් හමුවී ඇති බවද වාර්තා වේ.

 

72 Views

Comments