ස්වයංක්‍රීය දුම්රිය ධාවනය යෙදවුම් ආරම්භ කිරීමට නියමිත ජපානය


ජපානය තුල ස්වයංක්‍රීය දුම්රිය ධාවනය අත්හදා බැලේ

.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට මාස දෙකක කාලයක් තුළ ටෝකියෝවේ Yamanote loop මාර්ගය යොදාගනිමින් මගීන් සහිත ස්වයංක්‍රීය දුම්රිය අත්හදා බැලීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව නැගෙනහිර ජපාන දුම්රිය සමාගම  අඟහරුවාදා ප්‍රකාශ කළේය. 

 

JR East විසින් 2018 වසරේ සිට ටෝකියෝවේ වඩාත්ම තදබදයක් සහිත සේවාවක් වන දුම්රිය සේවාවේ සේවයෙන් බැහැර දුම්රිය වල ස්වයංක්‍රීය පද්ධතිය පරීක්ෂා කරමින් සිටින අතර මෙම නව තාක්ෂණය ක්‍රියාකරු විසින් 2028 වසරේදී පමණ  ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව සදහන් වේ .

 

ජාතියේ අඩුවෙමින් පවතින ජනගහනය මධ්‍යයේ රියදුරන්ගේ හිඟයක් ඇතිවීම වැළැක්වීමේ පියවරවල කොටසක් ලෙස මෙය සැලකේ .ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට, රියදුරන් විසින් පිටත් වීම සඳහා දුම්රියේ වේගය වැඩි කිරීමට බොත්තමක් එබීම පමණක් සිදු කළයුතු වන අතර දුම්රිය අදාළ ස්ථානයට සමීප වූ විට එය ස්වයංක්‍රීයව මන්දගාමී වීම සිදුවේ.

134 Views

Comments