බීමතින් රිය පැදවූ පොලිස් කතට වැඩ වරදී


ඇය Kisarazu පොලිස් ස්ථානයේ 24 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියකි.

.

Chiba ප්‍රාන්ත පොලිසිය විසින් Kisarazu පොලිස් ස්ථානයේ සිටි 24 හැවිරිදි කාන්තා පොලිස් නිලධාරිනියක් බීමතින් රිය පැදවීම නිසා චිබා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය වෙත යවන ලදී.

එසේම ඇයට බීමතින් රිය පැදවීමට පොළඹවීම සම්බන්ධයෙන් එම ස්ථානයේම තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද මසක වැඩ තහනම් කෙරිණි.  

මොවුන් තිදෙනා එම නගරයේම ඉසකායාහි තැබෑරුමකින් මත්පැන් පානය කර රිය පදවා තිබේ.

ප්‍රාන්ත පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් කාන්තා පොලිස් නිලධාරිනිය පැවසුවේ ඔවුන් එදින ආදේශක රියදුරෙකු කැඳවූ නමුත් එය සංවිධානය කිරීමට නොහැකි වූ බවයි.  

කෙසේනමුත් 2021 නොවැම්බර් මාසයේ සිටම මෙම කාන්තා පොලිස් නිලධාරිනිය කිහිප වතාවක්ම බීමතින් රිය පදවා ඇති බව පැවසේ.

115 Views

Comments