දේපළ ආදායම දෙගුණ කිරීමට රජයෙන් සැලැස්මක්


ඊයේ(25) රජයේ නව ධනවාදය යථාර්තීකරණ කවුන්සිලයේ අනුකමිටුවක් අගමැති කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

.

ඊයේ(25) රජයේ නව ධනවාදය යථාර්තීකරණ කවුන්සිලයේ අනුකමිටුවක් අගමැති කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී දේපළ ආදායම දෙගුණ කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව කොටස් සහ ආයෝජන භාරවලින් ආයෝජන ලාභ නිදහස් කරන NISA (කුඩා ආයෝජන සඳහා බදු නිදහස් කිරීමේ ක්‍රමය) ස්ථිර කිරීම සහ උපරිම ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව වසර පහක් තුළ NISA ගිණුම් ප්‍රමාණය සහ ආයෝජන ප්‍රමාණය දෙගුණ කිරීම රජයේ ඉලක්කයයි.

115 Views

Comments