Pfizer Japan සමාගම විසින් covid 19 ප්‍රතිශක්තිකරණය සඳහා නිපදවන ලද ගිලින පෙති නිපදවීම සහ බෙදා හැරීම සඳහා ජපාන සෞඛ්‍ය අංශ වෙතින් අනුමැතිය බලාපොරොත්තු වන බව ඔවුන් විසින් පසුගියදා නිවේදනය කරන ලදී. තවදුරටත් එම සමාගමේ ප්‍රකාශකයන් සඳහන් කර සිටියේ මෙකී අනුමැතිය ලද හොත් දෙවන මාත්‍රාවක් සඳහා ගිලින පෙති නිෂ්පාදනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
nirmatrelvir සහ ritonavir යන ප්‍රතිදේහ සහිතව නිෂ්පාදනය කර ඇති මෙම නව Pfizer ගිලින පෙති ජපානයේ මේ වන විට පැතිර යමින් පවතින පවතින omicron වෛරස ප්‍රභේදයටද සාර්ථක ලෙස මුහුණ දෙනු ඇති බව ඔවුන් පවසයි.
මෙම සතිය මුලදී ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida ප්‍රකාශ කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයින් සමග මෙම සම්බන්ධ අවසන් සාකච්ඡා පවත්වා ජනවාරි මස අග වන විට එය තහවුරු කර අනුමැතිය ලබා දීමෙන් අනතුරුව පෙබරවාරි මස සිට එය ජපානය තුළ පුද්ගලයින් හට ලබාදීමට ක්‍රියාකරන බවයි.