බැටළුවන්ගෙන් සැදුම්ලත් ආදර සංකේතය


බැටළු රංචුවක් විශාල හෘද සංකේතයක් සාදන උත්සවයක් පැවැත්වේ.

.

චිබා ප්‍රාන්තයේ ෆුට්සු නගරයේ ටකුරා හි ගොවිපලක බැටළු රංචුවක් විශාල හෘද සංකේතයක් සාදන උත්සවයක් පැවැත්වේ.  පෙම්වතුන්ගේ දිනය යෙදෙන 14 වැනිදා දක්වා සෑම දිනකම දහවල් 12.30 සිට එය පැවැත්වේ.

බැටළුවන් 250ක් පමණ තණ බිමේ විසිරී ඇති ආහාර අනුභව කරමින් හදවත් සංකේතය නිර්මාණය කරයි. 

මෙම හදවත් සංකේතය තුළට වරකට ජෝඩු දෙකකට ඇතුළත් විය හැක.

වැඩිදුර විස්තර Mother Farm (0439-37-3211) අංකයට අමතා ලබාගත හැක.

 

139 Views

Comments