පහරදීමක් සම්බන්ධයෙන් ගුරුවරයෙක් අත්අඩංගුවට


ඔහු නකහාරා වෝඩ්හි පදිංචි 57 හැවිරිදි උසස්‌ පාසල් ගුරුවරයෙකි.

.

කනගාවා ප්‍රාන්ත පොලිසියේ ටකට්සු පොලිස් ස්‌ථානය විසින් කවාසාකි නගරයේ නකහාරා වෝඩ්හි පදිංචි 57 හැවිරිදි උසස්‌ පාසල් ගුරුවරයෙකු පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 8 වන දින රාත්‍රී 10:55 ට පමණ ෆුජිසාවා නගරයේ කාර්යාල සේවකයෙකු සිය යතුරුපැදිය රථවාහන ආලෝක සංඥා අසල නවත්වා සිටි අවස්ථාවේදී අදාල ගුරුවරයා ඔහුට පහර දී තිබේ.

ඔහු බීමතින් සිට ඇති අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමා කිසිම පහරදීමක් කළේ නැහැ යනුවෙනි.

උසස් පාසල් වෙබ් අඩවියට අනුව ඔහු ජූඩෝ සමාජයේ ප්‍රධානියාද වේ.  

 

110 Views

Comments