නිවසක් කොල්ල කෑ පුද්ගලයෙක් සොයා විමර්ශන


ඔහුට වයස අවුරුදු 20 ක් පමණ වන අතර නිල් පැහැති  ඇඳුම් ඇඳ සිට ඇත.

.

73 හැවිරිදි පුද්ගලයෙකුට ගුන්මා ප්‍රාන්තයේ ඉසෙසාකි හි පිහිටි ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූවෙකු විසින් පහර දෙන ලදී.

පොලිසියට අනුව සිද්ධිය අලුයම 4:40 ට පමණ සිදුවී ඇත.

කිසියම් පුද්ගලයෙකු තම නිවසට ඇතුලු වී පිහියකින් පහරදී මුදල් සහ ඔහුගේ ATM කාඩ්පත පැහැරගෙන ගොස් ඇති බව ගෙහිමියා පොලීසියට පැවසුවේය.

තනිව ජීවත් වන මෙම පුද්ගලයාගේ මුහුණේ සහ දකුණු අතේ පිහි ඇනීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ප්‍රහාරකයාට වයස අවුරුදු 20 ක් පමණ වන අතර නිල් පැහැති  ඇඳුම් ඇඳ සිට ඇත.

සැකකරු සොයා පොලිසිය වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර තිබේ.

90 Views

Comments