යුක්රේනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හිස් කෙරේ..


වොශින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියමයක් පරිදි යුක්රේනයේ ඇමරිකානු...

.

වොශින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියමයක් පරිදි යුක්රේනයේ ඇමරිකානු තානාපති කාර්යාලය හිස් කිරීමට සහ එහි සේවය කරන සියලුම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉතා ඉක්මනින් යුක්රේනයෙන් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට වැඩ කටයුතු ක්‍රියාත්මක වන බව සැලකේ.

රුසියාව විසින් ඉතා ඉක්මනින් හමුදා ආක්‍රමණයක් යුක්රේනය වෙත  දියත් කරනු ඇති බවට යුරෝපියානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමත් සමඟම ඇමරිකාව මෙම පියවර ගැනීමට යුහුසුළු වී  තිබේ.  යුක්රේනයේ Kyiv අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලීය සංකීර්ණය ලබන සතිය වන විට සම්පූර්ණයෙන්ම හිස් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments