මුහුදු පතුලේ භූ විෂමතා Godzillaගේ ශරීර කොටස් නමින් නම් කෙරේ


කඳු වැටි සහිත භූ විෂමතාව ඔකිනොටෝරි දූපතට කිලෝමීටර් 600ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇත.

.

ගොඩ්සිලා නමින් නම් කර ඇති පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ ඇති භූ ලක්ෂණ දැන් ඔහුගේ ශරීර කොටස්වල නම් ද දරනු ඇතැයි ජපාන වෙරළාරක්‍ෂක බලකාය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

මුහුද යට විශේෂාංග නාම පිළිබඳ උප කමිටුවේ අනුමැතියෙන් පසුව Hat Ridge, West Hipbone Rise සහ Neck Peak ඇතුළු Godzilla Megamullion පළාත තුළ තනි භූ ලක්ෂණ 14 ක නම් නිල වශයෙන් නාවික ප්‍රස්ථාරවලට සහ පත්‍රිකාවලට භාවිත කෙරේ.

ගොඩ්සිලා නිදා සිටින මුහුණට සමාන යැයි කියනු ලබන කඳු වැටි සහිත භූ විෂමතාව ඔකිනොටෝරි දූපතට කිලෝමීටර් 600ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇත.

වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව එය 2001 දී ජපාන රජය විසින් ප්‍රදේශය පිළිබඳ සමීක්ෂණයකදී සොයා ගන්නා ලද අතර එය දැනට තෝකියෝව මෙන් තුන් ගුණයක් විශාල පෘථිවියේ විශාලතම මෙගාමුලියනය වේ.

94 Views

Comments