සුන්දර Karuizawa..


නගෝනා ප්‍රාන්තයේ පිහිටි Karuizawa ගම්මානය, එයටම ආවේණික වූ භූ විෂමතාවයක් සහිත ජපානයේ ...

.

නගෝනා ප්‍රාන්තයේ පිහිටි Karuizawa ගම්මානය, එයටම ආවේණික වූ භූ විෂමතාවයක් සහිත ජපානයේ සුන්දරම ගම්මාන වලින් එකකි.

තුරුලතා වලින් ගහන වු මං මාවත් සහ කුඩා කඳුගැට වලින් වට වූ මෙම ගම්මානය මිෂනාරි සමයෙන් පසුව 1880දී පමණ ජනාකීර්ණ වී දියුණු වීමට පටන් ගෙන තිබේ. තවමත් ස්වභාව සුන්දරත්වය හානි නොවී පවතින මෙම ගම්මානය තුළ ඇති ප්‍රධාන සංචාරක හෝටලය වන Prince Hotel හි පවා කාමර විශාල ප්‍රමාණයක් සාදා ඇත්තේ ලී වලින් වීම විශේෂත්වයකි. කඳවුරු සාදා ගැනීමට සහ වනාන්තරවල රැය ගත කිරීමට ඇඳුම් කරන දෙස් විදෙස් සංචාරකයින්ගේ අනිවාර්ය නවාතැනක් ලෙස Karuizawa ගම්මානය අදටත් ජනප්‍රියත්වයක් උසුලයි. ගම්මානය මැදින් ගලා බසින ගංගාව මගින් ගම්මානයේ  කෘෂිකර්මාන්තය පෝෂණය වේ. සම්ප්‍රදායික ජපාන සංස්කෘතිය අත් විඳ ගැනීමට සහ සම්ප්‍රදායික ජපාන ආහාර රස විඳීමට Karuizawa කදිම තෝතැන්නකි.

Comments