තැපැල් කාර්යාලයක් කොල්ල කෑ අයෙක් සොයා පරීක්ෂණ


ඔහු මුදල් සොරාගෙන පලාගොස් තිබේ.

.

අද(16) පස්වරු 1.30ට පමණ සයිටාමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ පිහිටි කවාගුචි නාමිකි තැපැල් කාර්යාලයට පිහියක් අතැතිව කඩා වැදුණු පුද්ගලයකු මුදල් ඉල්ලමින් තැපැල් කාර්යාල සේවකයකුට තර්ජනය කර තිබේ.

පසුව ඔහු මුදල් සොරාගෙන පලාගොස් තිබේ.

විමර්ශකයින් පැවසුවේ සිද්ධියෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති නමුත් ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි.  

සැකකරු 30 හැවිරිදි වියේ පසුවන බවත් ඔහු සුදු පැහැති වෙස් මුහුණක් පැළඳ සිටි බවත් පොලිසිය පවසයි.  

එමෙන්ම ඔහු මීටර් 1.65 ත් 1.75 ත් අතර උසකින් යුක්ත වූ අතර කළු පැහැති ජම්පරයක්, දුඹුරු පැහැති කලිසමක් සහ සුදු පාවහන් පැළඳ සිටි බව වාර්තා වේ.  

ප්‍රාන්ත පොලිසිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

 

80 Views

Comments