චීන ඔත්තු බැලූන් ජපානයටත්?


ජපාන අහසේ සැරිසැරූ හඳුනා නොගත් පියාසර වස්තූන් 3ක් චීන ඔත්තු බැලූන් බවට සැක කෙරේ.

.

2019 සිට වසර තුනක කාලයක් තුළ ජපාන භූමි ප්‍රදේශය පුරා දක්නට ලැබුණු හඳුනා නොගත් පියාසර වස්තූන් තුනක් චීන ඔත්තු බැලූන් බවට දැඩි ලෙස සැක කරන බව ජපාන රජය පසුගියදා ප්‍රකාශ කරන ලදී.

එක්සත් ජනපදය විසින් පෙබරවාරි 4 වන දින චීන බැලූනයක් බිම හෙළීමෙන් පසු හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ අතීත සිද්ධීන් අමාත්‍යාංශය විසින් නැවත විශ්ලේෂණය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදී.

2019 නොවැම්බර් මාසයේදී නිරිතදිග ජපානයේ Kagoshima ප්‍රාන්තයේ සහ 2020 ජුනි සහ 2021 සැප්තැම්බර් මාසයේදී Miyagi සහ Aomori යන ඊසානදිග ප්‍රාන්තවලින් පියාසර කරන වස්තූන් තුන අනාවරණය කර ගත් බව අමාත්‍යාංශය පවසයි.

164 Views

Comments