රෝහල් සේවකයෙකුගෙන් කප්පම් ගත් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුට වැඩ වරදී


අයිචි ප්‍රාන්ත පොලිසිය ඊයේ(16) මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

.

කප්පම් ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට නගෝයාහි රෝහලක හිටපු පරිපාලන අධ්‍යක්ෂවරයෙක් සහ හිටපු හෙද අධ්‍යක්ෂවරයෙක් අයිචි ප්‍රාන්ත පොලිසිය ඊයේ(16) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා තමන් සේවය කරන රෝහලේ වරදක් කළ යටත් නිලධාරියකුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළ බව වාර්තා වේ. 

ඒ අනුව 2021 දක්වා වසර තුනක කාලය තුළ ඔවුන් දෙදෙනා යෙන් මිලියන 10 කට වැඩි මුදලක් කප්පම් ලෙස ගත් බවට පොලිසිය සැක කෙරේ.

කෙසේවෙතත් මොවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ට එසේ මුදල් ලැබුණ නමුත් ඒවා කප්පම් මුදල් නොවන බවයි.

 

127 Views

Comments