ධීවර නියෝජිතායතනයට අනුව ඊයේ(17) පෙරවරු 10:47 ට පමණ ජාතික පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය විසින් ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ කිලෝමීටර් 280 ක් පමණ දුරින් ධීවර සම්පත් සමීක්ෂණයක් පවත්වන ලදී.
ඒ අතරතුර චීන නාවික හමුදාවේ හෙලිකොප්ටරයක් Yoko Maru නම් අදාල පර්යේෂණ නෞකාව වෙත ළඟා විය.
මීටර් 150 ත් 200 ත් අතර දුරකින් සහ මීටර් 30 ත් 40 ත් අතර උන්නතාංශයක රවුම් දෙකක් ගමන් කළ හෙලිකොප්ටරය කෙටි කාලයකින් Yoko maru වෙතින් පිටත් වූ බව පැවසේ.
යෝකෝ මරු නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනාගෙන් සහ විමර්ශකයින් නව දෙනෙකුගෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැත.
කෙසේනමුත් මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා රාජ්ය තාන්ත්රික මාර්ග හරහා ජපාන රජය විසින් චීනයෙන් ඉල්ලීමක්ද කරන ලදී.