සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ල කෑ අයෙක් කොටුවේ


සැකකරු 28 හැවිරිදි ගොටෝ නම් අයෙකි.

.

සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී කළමනාකරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකුට පිහියකින් ඇන යෙන් මිලියන 4.5ක පමණ මුදල් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගෝටෝ නම් 28 හැවිරිදි මෙම සැකකරු මාර්තු 19 වන දින උදෑසන 8.00 ට පමණ තෝකියෝ හි යුෂිමා, බන්කියෝ වෝඩ් හි ගොඩනැගිල්ලක 4 වන මහලේ ඇති සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී මුදල් කොල්ලකා පලාගොස් තිබේ.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ අවට ආරක්ෂක කැමරා දර්ශනවලින් ගෝටෝ හඳුනාගත් බවයි.

 

105 Views

Comments