රිය අනතුරක් සිදුකර පලා පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්


ඔහු යෝෂිතකා මොරිටෝ නම් 51 හැවිරිදි පුද්ගලයෙකි.

.

මියාගි ප්‍රාන්තයේ සෙන්ඩායි මහාධිකරණය විසින් ෆුකුෂිමා ප්‍රාන්තයේ මිහාරු හි පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී මරා දැමීම සම්බන්ධයෙන් 51 හැවිරිදි පුද්ගලයෙකුට 2021දී මරණ දණ්ඩනය නියම කෙරුණි.

කෙසේවෙතත් යෝෂිතකා මොරිටෝ නම් මෙම සැකකරුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට අධිකරණය විසින් පසුගියදා ලිහිල් කළ බව වාර්තා වේ.

මොරිටෝ විසින් කුඩා ට්‍රක් රථයක් පදවාගෙන යමින් සිටියදී මාර්ගය අයිනේ තණකොළ කපමින් සිටි 51 හැවිරිදි පිරිමියෙකු සහ 52 හැවිරිදි කාන්තාවක් රථයේ ගැටී මියගොස් තිබුණි.

මොරිටෝගේ නීතීඥයා මරණ දණ්ඩනයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ ඝාතනය කිරීමේ පැහැදිලි චේතනාවක් ඇති බව ඔප්පු කළ නොහැකි බව පවසමිනි.  

ඒ අනුව විත්ති කණ්ඩායමේ තර්කයට අධිකරණය එකඟ විය.

 

104 Views

Comments