හෙදියකගේ අත්වැරදීමකින් අවසන් වූ ජීවිතය


හෙදියකගේ අත්වැරදීමකින් බහු අවයවික අකර්මන්‍යතාවයකින් පිරිමි ළමයෙකු මිය ගියේය.

.

පසුගිය සැප්තැම්බර් මාසයේදී කනගාවා ප්‍රාන්තයේ ෆුජිසාවා නාගරික රෝහලේදී හෙදියකගේ අත්වැරදීමකින් බහු අවයවික අකර්මන්‍යතාවයකින් පිරිමි ළමයෙකු මිය ගියේය.

ඒ අනුව දරුවාගේ පවුල විසින් පසුගිය 16 වන දින දළ වශයෙන් යෙන් මිලියන 88.2 ක වන්දියක් ඉල්ලා රෝහලට විරුද්ධව යොකොහාමා දිසා අධිකරණයට නඩුවක් ගොනු කරන ලදී.

පැමිණිල්ලට අනුව සැප්තැම්බර් 2 වන දින සවස පිරිමි ළමයාගේ අත් සහ පාදවල තුවාල සිදුවී ඇත. 

ඒ අනුව ඔහුව කඩිනමින් ෆුජිසාවා නාගරික රෝහලට ඇතුළත් කරන ලදී.  

පසුව 3 වන දින උදෑසන ධමනි ඔක්සිජන් සන්තෘප්තිය පහත වැටීම ගැන අනතුරු ඇඟවීමට එලාම් එකක් නාද වූ නමුත් වාට්ටුව භාර හෙදිය නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මිනිත්තු 30 කට පමණ පසු පිරිමි ළමයාගේ හෘද ස්පන්දනය අඩාල වී ඇති බව සොයා ගන්නා ලදී. 

ඉන් දින දෙකකට පසු ඔහු මිය ගියේ බහු අවයවික අකර්මන්‍යතාවයකිනි.

103 Views

Comments