මධ්‍යම ජපානයේදී කාමභෝගී සාදයක් පැවැත්වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනේ


නුසුදුසු මට්ටමේ කාම භෝගී සාදයක් පැවැත් වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනේ

.

පුද්ගලයින් 120 දෙනෙකු පමණ සහභාගී කරගනිමින් මධ්‍යම ජපානයේ පිහිටි තාවකාලික කුලී නවාතැන්පලකදී කාමභෝගී සාදයක් පැවැත්වූ බවට සැකපිට  කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ජුනි 12 වන දින අත්අඩංගුවට ඇති බව වාර්තා වේ . 

 

මහජන අවිනීතභාවයට සහාය වීම යන චෝදනාව යටතේ Chiba ප්‍රාන්තයේ Narashino හි ස්වයං-ප්‍රකාශිත ආරක්ෂක හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ 54 හැවිරිදි Teruaki Tabuchi සහ Chiba ප්‍රාන්තයේ Funabashi නගරයේ හෙදියක් ලෙස සේවය කළ 51 හැවිරිදි Saeko Kato යන දෙදෙනා  Shizuoka ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

 

සැකකරුවන් දෙදෙනාම තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇති අතර ජාතික පොලිස් ඒජන්සිය ලද නිර්නාමික තොරතුරක් අනුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර මෙම වැටලීම සිදුකර තිබේ .

 

ජුනි 11 සිට 12 දක්වා Shizuoka ප්‍රාන්තයේ Kosai නගරයේ Hamana විල ඉදිරිපිට පිහිටි කුලී නිවාඩු නිකේතනයකදී  පුද්ගලයන් 120 ක් පමණ සහභාගී කරගනිමින් මෙම කාමභෝගී සාදය පවත්වා ඇති අතර  ඇතුල්වීම සදහා එක් පුද්ගලයෙකුගෙන් යෙන් 10,000 ගාස්තුවක් අය කර ඇති බව පොලීසිය පැවැසීය.

160 Views

Comments