සුරා සැලක් තුළ දී ඇති වූ මත ගැටුමක් හේතුවෙන් 62 හැවිරිදි පුද්ගලයකුට බීර බෝතල් දෙකකින් ඔහුගේ හිසට පහර දුන් පනස් හැවිරිදි පුද්ගලයෙකු yokohama ප්රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . පහර කෑ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වී ඇත.
අදාළ සිදුවීම Asahi කොට්ටාශයේ මත්පැන් හලක් තුළ පාන්දර දෙකයි තිහට පමණ සිදුවී ඇත.Koji Denda නම් කොන්ත්රාත් ක්ෂේත්රයේ සේවය කරන පහර දුන් පුද්ගලයා සහ Makoto Fukusaki නම් ගෘහ අලංකරණ ශිල්පියා අතර මෙම මත භේදය හටගෙන ඇත.කෙසේ නමුත් පහර කෑ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පැය 5 කට පමණ පසු මරණයට පත්වී ඇති අතර පහර දුන් පුද්ගලයා ඔහුගේ වරද හමුවේ නිශ්ශබ්දව සිටින බව පොලිසිය පවසයි.