ත්‍රිකුණාමල වරායේ රාත්‍රී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව වාර්තා වනවා.
ඒ අනුව මෙම ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හෙඩෙකි ඇතුළු පිරිසක් ද එක්වී තිබෙනවා.
ජපානයෙන් ප්‍රදීපාගාර උපකරණ,රේඩාර් උපකරණ, විදුලි ජනන යන්ත්‍ර, ගිනි නිවන යන්ත්‍ර ආදී උපකරණ රැසක් ද මෙම ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාග කර ඇති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.