ඊයේ(18) ප.ව. 1:25 ට පමණ තෝකියෝවේ Meguro Ward හි 55 හැවිරිදි කාන්තා කාර්යාල සේවිකාවක් Tenguhara කන්දේ දකුණු බෑවුමේ හිම මත ලිස්සා ගොස් තිබේ.
ඇයගේ දකුණු පාදය තුවාල වී ඇති අතර ඇයට ඇවිදීමට නොහැකි තත්ත්වයක් ද ඇති බව සඳහන්.
ප්රාන්ත පොලිසියේ ඔමාචි පොලිස් ස්ථානයට අනුව එම කාන්තාව ඊයේ උදෑසන සගයන් හතර දෙනෙකු සමඟ කන්දට ඇතුළු වී තිබේ.
මේ අනුව අද(19) පෙරවරු 7.00 පමණ සිට පොලිස් කඳුකර මුදාගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.