අමාමි ඔෂිමා දූපතේ මුගටි මර්දන ව්‍යාපෘතිය අසාර්ථක වේ


පරිසර අමාත්‍යාංශය විසින් මෙය ක්‍රියාත්මක කර තිබේ.

.

කගෝෂිමා ප්‍රාන්තයේ අමාමි ඔෂිමා දූපතේ මුගටියන් මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබේ.

කෙසේනමුත් මේ යටතේ 2018 අප්‍රේල් මාසයේදී එක් සත්ත්වයෙකු අල්ලා ගැනීමෙන් පසු මේ වසරේ ජනවාරි දක්වා වසර හතරකුත් මාස නවයක් තිස්සේ එකදු සතෙක්වත් අල්ලාගෙන නොමැත.

පසුගිය 10 වැනිදා අමාමි නගරයේ පැවති පාලන ව්‍යාපාර සමාලෝචන රැස්වීමේදී මේ බව වාර්තා විය. 

 

168 Views

Comments