දැන් ජපානෙට යන්න පුළුවන් උනා කියලා කට්ටිය vfs එකේ ඇපොයිමන්ට් දාන්න යන්න එපා කවුරුවත්. තාම එයාලා කරන්න ඕන පිළිවෙල හරියට කියලා නැති නිසා. යන්න පුළුවන් උනා කියලා හැමෝටම එක පාර යන්න බෑ. නිසි ක්රියාවලියක් සකසයි appointment සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම එම පියවර අනුගමනය කරන්න. ඒ අදාළ අය පමණක් appointment දාන්න.
හිතුමනාපෙට හැමෝම appointment දාන්න ගියොත් සේරම ඉවරයි. මතක ඇති කියලා හිතනවා අන්තිම පාර appointment open කරපු වෙලේ උන දේ. සේරම slot පිරුණා. ඒකෙන් යන්න හිටපු අයටත් යන්න බැරි උනා. අනික student විතරක් නෙවේ අනෙක් visa වලටත් යන්න ලැබෙයි. එතකොට ඒ අයත් appointment දාවි. හැමෝම වගකීමකින් තොරව ක්රියා කළොත් කලින් උන වැඩේම වෙයි. ඒකෙන් වෙන්නෙ දැනට යන්න ඉන්න ඩිපෙන්ඩ් re entey අයටත් අපොයිමන්ට් දාගන් බැරි වෙලා vfs traffic එකක් හැදිලා හැමෝටම තව කාලයක් බලන් ඉන්න වෙයි. ඒ නිසා කවුරුත් හිතුමනාපෙට දාන්න එපා. එහෙම දාලා තීනවම් ඒක කැන්සල් කරන්න. මොකද ඒකෙන් අවාසිය වෙන්නෙ ඔයාලටමයි. මන් දන්නවා කොච්චර කිවුවත් කරන්නෙම ඒක කියලා. කමක් නෑ එකෙක් හරි තෙරුම් ගනීනෙ.
පුළුවන් තරම් මේක share කරන්න අනිත් අයටත් දැනගන්න.
ජය වේවා....❤️?