ජපානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්


පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන බව ඔවුන් පවසා ඇත.

.

ජපානය චීනයට දැනුම් දී ඇත්තේ සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිදු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය විසින් චීනයට දැනුම් දී ඇත. 

ඒ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු සහ ජපානයේ විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවකදීයි.

ජපානය පෙන්වාදී ඇත්තේ කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව යි. 

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලූන රැසක් නිරීක්ෂණය කිරීමට ජපන් බලධාරින්ට හැකිවී ඇති බවයි.

 

133 Views

Comments