ශ්‍රී ලංකාවේ ජපාන තානාපති පොළොන්නරුවේ සංචාරයක


එතුමා පොළොන්නරුවේ ගෘහනිර්මාණ අගය කර ඇත.

.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසොකොශි හිඩෙයාකි ඊයේ(19) පොළොන්නරුවේ සංචාරයක නිරත වී තිබේ.

එහිදී ඓතිහාසික සොලොස්මස්ථානය වැඳපුදා ගැනීමට ද තානාපතිවරයා කටයුතු කරන කළ අතර වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ආරාධනයකට අනුවයි තානාපතිවරයා මෙම සංචාරය සඳහා එක් වුණේ.

පොළොන්නරු ඉතිහාසය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් අදහස් දැක්වූ තානාපතිවරයා එහි ගෘහනිර්මාණ අගය කළ අතර, මෙතෙක් ජපන් සංචාරකයින් සංචාරය කිරීමට නිතර තෝරාගනු ලබන ස්ථානයන් වන මහනුවර, දකුණු පළාත, සීගිරිය මෙන්ම ඓතිහාසික පොළොන්නරු පුරවරයටද වැඩි අවස්ථාවක් උදාකරදීමට ඉදිරියේ දී නව වැඩසටහන් දියත් කරන බව ද සඳහන් කළා.

 

117 Views

Comments