ඔගුනි නගරයේ හිම මාළිගයක ආපනශාලාවක්


මාලිගාව තුළ රසකැවිලි සහිත ආපනශාලාවක් විවෘත කර තිබේ.

.

පසුගිය 18 වන දින යමගාටා ප්‍රාන්තයේ අධික හිම පතන ප්‍රදේශයක් වන ඔගුනි නගරයේ විවෘත කර ඇති හිම වලින් සාදන ලද මාලිගාවක රසකැවිලි සහිත ආපනශාලාවක් විවෘත කර තිබේ.

එම රසකැවිලි අයිස්වලින් සාදන ලද පිඟන් මත ලබාදීමද මෙහිදී දැකගත හැකි විය.

නගරයේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් විසින් පසුගිය වසරේ මෙම මාලිගය ආරම්භ කළේ සංචාරක ආකර්ෂණය හිමිවන ස්ථානයක් බවට පත් කිරීමේ අදහසිනුයි.

හිම මාළිගය මීටර් 3 ක පමණ උසකින් යුක්ත වන අතර හිම පුටු සහ මේස 18 ක් ද එහි ඇත.  

137 Views

Comments