Yamanashi උසස් පාසලේ සිසුන් 28 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අවලංගු කෙරේ


ගුරුවරයෙකු විසින් ප්‍රශ්නය පිළිබඳව සිසුන්ට ඉඟි ලබා දුන් බව වාර්තා වේ.

.

Yamanashi උසස් පාසල විසින් තොරතුරු තාක්ෂණ සහතික කිරීමේ පරීක්ෂණය ඊයේ(20) දින පවත්වන ලද අතර එහිදී ගුරුවරයෙකු විසින් ප්‍රශ්නය පිළිබඳව සිසුන්ට ඉඟි ලබා දුන් බව වාර්තා වේ.

ඒ අනුව පන්ති කාමරයේ විභාගයට පෙනී සිටි සිසුන් 28 දෙනාගේම ප්‍රතිඵල අවලංගු කරන ලදී.

එම පාසලේ පළමු වසර සිසුන් 60ක් පමණ පන්ති කාමර දෙකක දී විභාගයට පෙනී සිටි අතර එක් පන්ති කාමරයක විභාග අධීක්ෂකවරයෙකු ලෙස පිරිමි ගුරුවරයෙකු කටයුතු කර සිසුන් කිහිප දෙනෙකුට වාචිකව ඉඟි ලබා දී තිබේ.

කෙසේවෙතත් විදුහල්පති සතෝෂි කොබයාෂි පැවසුවේ මෙවැනි සිද්ධීන් ඉදිරි විභාග වලදී නැවත ඇතිවීම වැලැක්වීමේ පියවරක් ලෙස සෑම පන්ති කාමරයකටම විභාග ප්‍රොක්ටර්වරුන් දෙදෙනෙකු බැගින් යොදවන බවයි.

 

129 Views

Comments